ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය පාලනය කරන්නේ කවුද?

ආර්ථික විද්‍යාව හැදෑරීමට පෙර ආර්ථික විද්‍යාඥයින් හදාරන්න!

e-Con e-News 25-31 July 2021

විවේචකයෝ? ee  විවේචකයින් බොහෝ සිටිනවා. උදව් කරන්නන්? ඉතාම විවිධ වූ අය ටික දෙනෙක් ඉන්නවා. ඔව්! හොඳයි විවේචන මතින් ee  හොඳින් වර්ධනය වෙමින් තිබේ. ee  සිංහල භාෂා පරිවර්තනය ආරම්භ වූවා පමණි. 

ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය පාලනය කරන්නේ කවුද? 2004 දී ඉන්දියානු නැවක් නීති විරෝධී ලෙස අපේ වෙරළට ඔබ්බෙන් ඇති තහනම් කලාපයක නැංගුරම් දැමීම නිසා මුහුද යටින් දිවෙන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ SEA-ME-WE 3 (SE Asia-Middle East-Western Europe) ඩිජිටල් ෆයිබර් ඔප්ටික් කේබලයට හානිවිය. එයින් රට තුළ සියලුම අන්තර්ජාල සබඳතා බිඳ වැටුණි. මුහුද යටින් දිවෙන ලොව විශාලතම අන්තර්ජාල කේබල් ශ්‍රී ලංකාව අසලින් ගමන් කරයි. සුද්දන් අපේ මුහුද අවට යුධ ක්‍රීඩා කරන්නේ නිසාද? – අහඹු සටහන්, අන්තර්ජාල ප්‍රවේශය 

ශ්‍රී ලංකාවේ දත්ත සොරකම් කිරීමෆේස්බුක් සිට ට්විටර්, ඌබර් සහ පික්මී ආදිය දක්වා ඇමරිකානුවන්ට හා ඉංග්‍රීසීන්ට අයත් බැංකු හා සමාජ මාධ්‍ය සමාගම් ලාංකිකයින්ගේ මුදල් හා පුද්ගලික තොරතුරු සොරකම් කරමින් සිටී. මේ මුදල් හා දත්ත ඇත්ත වශයෙන්ම හිමිවිය යුත්තේ අපේ ජනතාවට හා රජයටයි. වසංගත රෝග කාලයන් හිදී රට ආරක්ෂා කිරීමට සහ අත්‍යවශ්‍ය (යන්ත්‍ර) කර්මාන්ත සඳහා ආයෝඡනය කිරීමට මෙන්ම ආහාර හා ඉන්ධන බෙදා හැරීම වෙනුවෙන් රට සංවිධානය කිරීමට හා කාර්යක්ෂම සැලසුම් සකස් කිරීමට රජයට මෙම දත්ත භාවිතා කළ හැකිය. එසේනම් බහුජාතික සමාගම් සහ ඔවුන්ගේ රාජ්‍ය නොවන සංවිධාන විදේශිකයින්ගේ එවැනි මැදිහත්වීම් පාලනය කිරීමට මෙතරම් විරුද්ධවන්නේ ඇයි?අහඹු සටහන්    

• මෝටර් රථ රියදුරන් සහ යතුරුපැදිකරුවන් දිනපතාම මිනිසුන් ඝාතනය කරමින් හා අංගවිකල කරමින්, පොදු හා පෞද්ගලික අවකාශ විනාශ කරමින් සිටී. මේ ‘නිදහස් ව්‍යවසායයේ’ ආත්මය ද? නැතිනම් අවනීතියේ උන්මාදය ද? නැතිනම් ඊට හේතුව තමන්ට උවමනා ආකාරයට වෙළඳපොල සිරකරමින් ආර්ථිකය පාලනය කරන ලංකාවේ ක්‍රියාත්මක විදේශීය හා දේශීය බැංකු ලබාදෙන නොසැලකිලිමත් ආදර්ශය ද? එවැනි බැංකුවල ‘අහිතකර’ ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව මේ සතියේ පියවර ගෙන තිබේ.

දේශීය බැංකු දූෂිත කරවමින් විදේශීය බැංකු තවමත් රට කොල්ලකමින් තිබෙන ආකාරය මෙම ee කලාපය මගින් විමර්ශනය කරයි (විශේෂාංග, රුසිරිපාල තෙන්නකෝන්). විශේෂයෙන්ම කාර්මික භාණ්ඩ විකිණීම හරහා ගම්බද ජනතාව කොටු කර ගැනීමට, ඇමරිකානු හා යුරෝපීය බැංකු ‘සංවර්ධන බැංකු’ ලෙස වෙස්වලා ගනිමින් පුද්ගලික බැංකු සහ මූල්‍ය සමාගම් (කොමර්ෂල් බැංකුව, සර්වෝදය, සණස, NDB, ආදිය) අත්පත් කරගනිමින් සිටී. අසාමාන්‍ය ලෙස ඉහළ නැග තිබී කඩාවැටුණු මෙම දේශීය බැංකු බොහොමයක් ගලවාගැනීමට සිදුවන්නේ ද රාජ්‍ය බැංකුවලට ය. නමුත් රජයට අයත් ව්‍යවසායන් (SOEs) පාඩු ලබන ආකාරය පිළිබඳව මාධ්‍ය පැමිණිලි කරමින් සිටී! – විශේෂාංග: අහඹු සටහන්, උද්දමනය ආනයනය කිරීම 

• මරා දැමූ මෙහෙකාර දැරිය පිළිබඳව මාධ්‍ය කිඹුලා බනිස් කඳුලු හෙළමින් සිටී. එහෙත් කම්කරු නීති දුර්වල කිරීමටත්, කඩාකප්පල් කිරීමටත් ධනේශ්වර මාධ්‍ය නිරන්තරයෙන් උත්සාහ කරමින් සිටී. ඔවුන් කිසි විටෙකවත් මෙරට බහුතර කම්කරුවන්ගේ සේවා තත්වයන් පිළිබඳව දිනපතා හෝ පැයෙන් පැය වාර්තා විකාශය හෝ මුද්‍රිතව පලකිරීම සිදු නොකරයි. වෘත්තීය සමිති විසින් වර්ජනයන් සිදුකරන විට පමණක් කම්කරුවන් පිළිබඳව වාර්තා කරන අතර, එහි දී මාධ්‍ය මගින් මූල්‍ය ඉල්ලීම් පමණක් ඉස්මතු කරයි. ජපානයේ සහ කොරියාවේ සේවකයින්ට නරක ආකාරයට සැළකීම පිළිබඳව දැන් අපට අසන්නට ලැබෙන්නේ ඇයි? – අහඹු සටහන්

• පොරොන්දු වූ එන්නත් ශ්‍රී ලංකාවට ලබාදීම ජපානය විසින් ප්‍රමාද කිරීම –  දේශීය නිෂ්පාදන කඩාකප්පල් කරමින් වෛරසය ව්‍යාප්තියට ඉඩ දීම – ඔලිම්පික් ක්‍රීඩා හේතුවෙන් ඇති වි ඇති දැඩි ප්‍රවාහන අපහසුතාවයන්ට ඔවුන් චෝදනා එල්ලකර තිබේ. නමුත් ඔවුන් චීනටයට එරෙහිව ඇමරිකාව සමඟ යුධ ක්‍රීඩාකරමින් සිටී. ඔවුන් කාර්ය බහුල වීම පුදුමයක් නොවේ! (බලන්න ee ස්වෛරීයත්වය)

ඖෂධ හා වෛද්‍ය උපාංග ‘ත්‍යාග’ ලෙස පරිත්‍යාග කරන බොහෝ සමාගම් වෙනත් රටවලින් භාණ්ඩ ආනයනය කරන සමාගම් ය. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වන්නේ දේශීය නිෂ්පාදනය නැවැත්වීමයි. ඖෂධ මිල ඉහළ නැංවීම සඳහා දේශපාලනඥයින් පොළඹවා ගැනීම අපහසුයැයි හේමාස් ‘පළමු කාන්තා ප්‍රධාන විධායක නිලධාරිනිය’ පවසන්නේ ඇයි?  – බලන්න අහඹු සටහන්

A2. සතියේ උපුටා දැක්වීම් 

• ‘කුඩා රටවලින් කප්පම් ඉල්ලා සමච්චලයට ලක්කර ඒවා සිරකොට තබා ගැනීමට ශ්‍රේණිගත කිරීමේ ඒජන්සිවලට හැකියාව තිබේ.’   – ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර 

• ‘අපේ දේශීය වට්ටක්කා බීජ තවදුරටත් පහසුවෙන් ලබාගත නොහැකියි. වට්ටක්කා දළු රසවත් ව්‍යාංජනයක්. ජාන වෙනස් කළ බීජවලින් හැදෙන වට්ටක්කාවල ආහාරයට ගතහැකි වට්ටක්කා දළු ලැබෙන්නේ නැහැ. අපේ ගස්ලබුත් දැන් නැහැ. වැඩි කල් නොගොස්, බීජ වී හැදෙන්නේ නැති ‘ප්‍රාතිහාර්ය’ ප්‍රභේද හැර වෙනත් සහල් ප්‍රභේද නැති වී යාවි. දශක කිහිපයකට කලින් ප්‍රභේද 20කටත් වඩා තිබුණු කෙසෙල් දැන්  ප්‍රභේද 5කට අඩු වෙලා. සියවස් ගණනාවක වගා දැනුම, පළපුරුද්ද සහ තෝරාගැනීම් ගබඩාකර තිබූ ඉන්දියාවේ බීජ බැංකු, බිල් ගේට්ස් සම්බන්ධ බීජ බැංකුකරුවන් විසින් විවෘතකර තිබෙනවා. ඒ සියල්ලම මේ වන විට භූගත ස්කැන්ඩිනේවියානු ගබඩා තුළ ශීත කර තිබෙනවා. සමහර විට ඒවා තවදුරටත් ඉන්දියාවේ ගබඩා කරන එකක් නැහැ. ඉන්දියානු කොංග්‍රස් පක්ෂය භාරතීය ජනතා පක්ෂයට වඩා අඩු දාසයෙක් නොවේ’.

• ‘වෙන්ටිලේටර්, ඔක්සිජන් සාන්ද්‍රක, ඔක්සිජන් සිලින්ඩර, ජංගම PCR පරීක්ෂණ යන්ත්‍ර, උසස් PCR උත්තේජක වෙනුවෙන් රජය මුදල් වෙන්කර තිබේ… උපකරණ ආනයනය කිරීම සඳහා NMRA හි ලියාපදිංචිවීමට අමාත්‍යංශයේ ඇතැම් ඉහළ නිලධාරීන් පෞද්ගලික අංශයේ තම සමීපතමයින් සමඟ බලා සිටී.’  – ee කර්මාන්ත, ප්‍රසම්පාදනය

• චීනය ටැක්සි ඇප් එක තහනම් කලේ ඇයි?: නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් ඩීඩි චක්සිං සමාගම පුද්ගලික තොරතුරු එකතුකර භාවිතා කරන ආකාරය මිනිසුන්ට තවමත් තේරෙන්නේ නැහැ. නමුත් කාලෝචිතව පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට චීන රජය පියවර ගෙන තිබෙනවා. ඒ නිසා මේ කාරණය සම්බන්ධයෙන් රජය වගකීම දරන බවට ජනතාවට විශ්වාසය ඇතිවී තිබෙනවා. සැළකිලිමත්විය යුතුම කාරණය වන්නේ, අන්තර්ජාල දැවැන්තයින් බොහෝ විට කර්මාන්තයේ ඉදිරියෙන්ම සිටීමයි. පුද්ගලික තොරතුරු එකතු කිරීම හා ඒවා භාවිතා කිරීම සම්බන්ධයෙන් නීති සකසන්නන් බවට පත්වීමට රජයට ඔවුන්හට ඉඩදිය නොහැකියි. පෞද්ගලික තොරතුරු එකතු කිරීමේ දී එම දැවැන්තයින් සංයමයෙන් කටයුතු කරන බව සහතික කිරීමට ප්‍රමිතීන් සකස්කිරීම රජය සතුව තිබිය යුතුයි. ඔව්, එහි දී අවම තොරතුරු මූලධර්මය අනුගමනය කළ යුතුයි. එම දත්ත තමන්ට කැමති පරිදි භාවිතා කිරීමේ අයිතිය කුමක් වුවත්, ඕනෑම අන්තර්ජාල දැවැන්තයෙකුට රජයට වඩා සවිස්තරව චීන වැසියන්ගේ පෞද්ගලික තොරතුරුවල සුපිරි දත්ත ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ නොතැබිය යුතුයි. – ග්ලෝබල් ටයිමිස්    

‘බහුලව මාධ්‍ය මගින් උපුටා දක්වන “ලාබ නොලබන” නැෂනල් එන්ඩොව්මන්ට් ෆෝ ඩිමොක්‍රසි, හියුමන් රයිටිස් වොච්, ඇම්නෙස්ටි ඉන්ටනැෂනල්, ඇට්ලැන්ටික් කවුන්සිල් ආදී බුද්ධි මණ්ඩල සහ සංවිධානවල අධ්‍යක්ෂ මණ්ඩල සඳහා බහුජාතික සමාගම්වල ප්‍රධානීන්, හෙන්රි කිසින්ගර් වැනි ප්‍රසිද්ධ යුද අපරාධකරුවන් සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වර්තමාන හෝ හිටපු සාමාජිකයින්, CIA, NSA සහ MI – 6 ඉංග්‍රීසි රහස් ඔත්තු සංවිධානයේ සාමාජිකයින් සිටී. – ee ඉකොනොමිස්ට්ස්, මාක්ස්වාදී    

• ‘මම CIA අධ්‍යක්ෂවරයා වෙලා හිටියා. අපි බොරු කිව්වා, වංචා කළා, හොරකම් කළා … අපිට ඒ ගැන සම්පූර්ණ පුහුණු පාඨමාලා තිබුණා. ඇමරිකානු අත්හදා බැලීමේ මහිමය ඒකෙන් ඔබට මතක් කර දෙනවා.’ – පොම්පියෝ, ee ආරක්ෂාව, පෙගාසස්

• ‘ඇත්තෙන්ම, ‘දූෂණය’ (‘corruption’) යන වචනයේ මූලයන් යුරෝපය තුළ ඇති වී ඇති අතර එය පැමිණෙන්නේ ලතින් ක්‍රියා පදයක්වන rumpere  වචනයෙන් වේ. එයින් අදහස් වන්නේ ‘මුළුමනින්ම’ හෝ ‘සම්පුර්ණයෙන්ම’ යමක් බිඳ දැමීමයි.  ’

____________

A3. අහඹු සටහන් (ව්‍යාකූලත්වය තුළ සංඛ්‍යා දැකීම)

• විදේශීය රටවල දී මියයන තම සොල්දාදුවන් යුද්ධය සඳහා භාවිතයට නොගැනීමට තීරණයකර තිබෙන මෙම ඇල්ගොරිදම්-යුධ සමයේ දී අධිරාජ්‍යවාදී සුද්දන් විසින් පුද්ගලික තොරතුරු සොරකම් කිරීම සහ භූමියේ ස්ථානය දක්වන අන්තර්ජාල සේවාවන් ඉතාමත් තීරණාත්මකය. මෙම ඇල්ගොරිදම්-යුද්ධය සමඟ දෙමුහුන් යුද්ධ ද තිබේ. එම යුද්ධවල දී අන් සියල්ලන්ටම වඩා පුද්ගල නිදහස සහ නීතිමය කටයුතු පිළිබඳ ලිබරල් වාක්‍ය භාවිතා වේ. මේ අතර, විදේශීය අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන යනාදීන් පෞද්ගලිකත්වය ආක්‍රමණය පාලනය කිරීම වැළැක්වීම සඳහා කැපවී සිටීම පුදුමයක් නොවේ – පුද්ගලික සමාගම් මේ සංවිධානවල පිටුපසින් සිට දත්ත පාලනය කිරීමේ අයිතිය තමන්ට ඇතැයි කියමින් සිටී. 

• රොකෆෙලර් විසින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකාවේ පාත්ෆයින්ඩර් කණ්ඩායම පසුගිය සතියේ එංගලන්තය සමඟ සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳව සාකච්ඡා කළ අතර,  වාණිජ මණ්ඩලය, හචිසන් ටෙලිකොම් ආයතනය (චීනයේ අබිං යුද්ධවලින් ආරම්භය වූ සහ ලාභ ලැබූ) සහ ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් කණ්ඩායම ශ්‍රී ලංකා රජයේ දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කිරීමට සූදානම් වී සිටී. අපේ දත්ත පාලනය කිරීමේ බලය ශ්‍රී  ලංකා රජයෙන් ලබා ගැනීමට ඔවුන් ගන්නා උත්සාහය පිළිබඳව කිසිඳු සැකයක් නැත. ‘පුද්ගලික’ නිදහස යනාදිය උපයෝගී කරගනිමින් උත්කර්ෂයට නැංවූ මාධ්‍ය සිරස්තල දෙස බලමු. – බලන්න ee ආරක්ෂාව

• ‘ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇමරිකානු රූකඩයක් ? අධිරාජ්‍යවාදීන්ගේ සහ බහුජාතික සමාගම්වල අවශ්‍යතා වෙනුවෙන් නීති භාවිතා කරමින්නීතිය නැංවීමේ කොටසක් වශයෙන්, වත්මන් විරෝධතා වටයට පෙර ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් නිකුත් කරන ලද අනතුරු ඇඟවීම සියුම්ව පරීක්‍ෂා කළ යුතුය. ශ්‍රී ලංකාවේ විරෝධතා සම්බන්ධීකරණය කිරීම තුළ ශ්‍රී ලංකා නීතීඥ සංගමය දිගු කලක් සම්බන්ධ වී තිබේ. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ව්‍යාපෘති, කාලසීමාවන්, අයවැය තීරණ සහ අනෙකුත් තොරතුරු බොහෝ දුරට දන්නා ප්‍රකාළතාන් තුරෙයිසිංහම් (ප්‍රභා ලෙස හඳුන්වනු ලැබේ), එහි කාර්යාලීය හා ක්‍රියාකාරකම් වෙනුවෙන් USAID නියෝජනය කරන පුද්ගලයා ද වේ. ’ malindawords.blogspot.com/2015/05/usaid-moves-on-bar-association.html

සිංහල විරෝධීන් කුමක් පැවසුව ශ්‍රී ලංකාවේ තවමත් බලය හිමිව ඇත්තේ ඉංග්‍රීසියට . ආයෝජන (නොකරන) බැංකුකරුවන්ට සහ ඉහළ උසාවිවලට හා උසස් අධ්‍යාපනයට (දුස්)තොරතුරු ලබාදෙන්නේ ඉංග්‍රීසීයෙනි. ජාත්‍යන්තර ප්‍රවෘත්තිවල එකම මූලාශ්‍රය ඉංග්‍රීසිය. කලු සුද්දන්ට ප්‍රවෘත්ති සේවාවක් අවශ්‍ය නැත. ඔවුන් ලස්සනට වාඩි වී සිටී. කාර්මික විප්ලවයේ ඉංග්‍රීසිය ඔවුන්ට අවශ්‍ය නොවේ. මේ කාරණා ගැන අපි සිංහලෙන් මිනිසුන් සමඟ කථා කරන විට නවීන කාර්මීකරණයේ අවශ්‍යතාවය ඔවුන් වෙතින් ක්‍ෂණිකවම අනුනාද වේ.

එසේ නම්, අපේ ඇස් ඉදිරිපිට ඇති මේ භාණ්ඩ නිෂ්පාදනය වී ඇති ආකාරය පිළිබඳව ප්‍රශ්න කරන ලෙස ee  අවධාරණය කරන්නේ ඇයි?  ඒවා නිපදවන්නේ කොහොමද? කොහේද? ඒවා නිපදවන යන්ත්‍ර මොනවාද? ඒවා නිපදවන යන්ත්‍ර නිපදවන්නේ කවුද?

එන්නත්කරණයේ ව්‍යාකූලත්වය පිටුපස ඇත්තේ මාධ්‍ය හිමිකරුවන්ට, කතුවරුන්ට, මාධ්‍යවේදීන්ට ගෙවන විවිධ නිෂ්පාදන ආනයනය කරන්නන්ගේ පිටුපස ඇති මුදල් .

ඇමරිකානු රේටින් ඒජන්සියක්වන මූඩීස් ශ්‍රී ලංකාව සිය ණය නොගෙවනු ඇතැයි ව්‍යාජ අනතුරු ඇඟවීමක් කරමින් විශාල ලාභයක් ලැබීය. කලබල වූ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) ආයෝජකයින් බොහෝ දෙනෙකු තම බැදුම්කර අඩු මිලකට අලෙවි කළ අතර, එවිට ප්‍රධාන ආයෝජකයින් විසින් ඒවා අති විශාල ලාභයකට මිල දී ගන්නා ලදි.

ඇමරිකානු රජය ඒකාධිකාරයක් ලබා දී ඇති මෙම ඇමරිකානු රේටින් ඒජන්සි සඳහා ගෙවීම් සිදුකරන්නේ එම බැඳුම්කර මිල දී ගන්නා පෞද්ගලික බැංකුය. ee නැවතත් කියන්නේ ඔවුන්ට ලංකාවේ බලපත්‍ර ලබා දෙන සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් ඒවා තහනම් කළ යුතු බවයි. මේ අතර, ‘ණය පිළිබඳව කෑගැසීමෙන් පසුව මාධ්‍ය තම ඊළඟ ප්‍රියතම හිඟන්නාගේ තුවාලය වෙත මාරු වනු ඇත: ජිනීවා ස්කී නිවාඩු නිකේතනයේ සිදුවන නේටෝවේ මානව හිමිකම් සාකච්ඡා.  

ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ හිමිකරු කවුද?

ශ්‍රී ලංකා ටෙලිකොම් හි බොහෝ ප්‍රධාන උපාංග ආනයනය කරනු ලබන්නේ ජපානයෙනි. 1997 දී නිපොන් ටෙලිග්‍රාෆ් ඇන්ඩ් ටෙලිෆෝන් සමාගම (NTT) යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පෞද්ගලීකරණය කරන ලදී. 2008 දී NTT සිය ශ්‍රී ලංකා ටෙලිකොම් කොටස් නෙදර්ලන්තයේ ග්ලෝබල් ටෙලිකොම් හෝල්ඩිංග්ස් (GTH) වෙත විකුණා දැමූ අතර, දැන් එහි කොටස් 45% ක් GTH සමාගමට හිමි වන අතර, එහි කොටස් 51% ක් ශ්‍රී ලංකා රජය සතු වේ. කොටස් වලින් 44.98% ක් GTH සතු වන නමුත්, GTH සමාගම VEON නම් බහුජාතික සමාගමකට අනුබද්ධ ඇම්ස්ටර්ඩෑම් හි පිහිටි හෝලිඩින් සමාගමක් පමණි. අපේ ආර්ථිකය ආපසු ලබා ගැනීමට කාලය පැමිණ තිබේ!

ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ප්‍රවේශය පාලනය කරන්නේ කවුද?

2004 දී ඉන්දියානු නැවක් අපේ වෙරළට ඔබ්බෙන් ඇති තහනම් කලාපයක නීති විරෝධී ලෙස නැංගුරම් දැමීම නිසා මුහුද යටින් දිවෙන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ SEA-ME-WE 3 ඩිජිටල් ෆයිබර් ඔප්ටික් කේබලයට හානිවීමෙන් ශ්‍රී ලංකාවේ සියලුම අන්තර්ජාල සබඳතා බිඳ වැටුණි.   

ලොව කාර්යබහුලම සබ්මැරීන/මුහුද යටින් දිවෙන කේබල් මාර්ග ශ්‍රී ලංකාව අසල මුහුද යටින් ඇදී යයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් හම්බන්තොට වරාය තුළ දකුණු ආසියාවේ පළමු සබ්මැරීන් කේබල් මධ්‍යස්ථානය පිහිටුවා ඇති අතර, අග්නි දිග ආසියානු සහ ඉන්දියන් සාගර කේබල් නඩත්තු ගිවිසුම අනුව සිංගප්පූරුවේ ඉන්දියන් ඕෂන් කේබල්ෂිප් සමාගම සමඟ එක්ව SEA-ME-WE 5 කේබලයේ සම්පූර්ණ ගොඩබිම් ප්‍රවේශ ස්ථානය මාතර පිහිටුවා තිබේ. සඳහා ස්ථීරව පවතින කේබල් නැවක් හම්බන්තොට නැංගුරම් ලා තිබේ.

සියවස් ගණනාවක් පුරා අප වටා නාවික කටයුතු පාලනය කළ නිෂ්ඵල යැයි කියමින්, හම්බන්තොට වරායට එල්ල වූ මාධ්‍ය ප්‍රහාර සඳහා අරමුදල් සපයමින්, චීන භීතිය ප්‍රවර්ධනය කළ එංගලන්තයේ යුනිලීවර් සමාගමට සම්බන්ධ P&O සමාගමට අප සමඟ තරඟකාරී ඉන්දියාවේ නව ශිව වරායේ හිමිකරුවා වේ!

ඇමරිකාවට අයත් ඇමසන්, ගූගල්, ෆේස්බුක්, මයික්‍රොසොෆ්ට් සමාගම් කේබල් ක්‍රීඩාවේ ප්‍රධාන ක්‍රීඩකයින් වන බැවින් ඔවුන්ට අපගේ දත්ත සොරකම් කිරීමට අවශ්‍යය.

ප්‍රධාන සබ්මැරීන කේබල් 2 ක් මගින් ලංකාවට අන්තර්ජාල සේවාවන් සපයයි – බේ ඔෆ් බෙංගාල් ගේට්වේ (BBG) – ඩයලොග් සහ SEA-ME-WE – ශ්‍රී ලංකා ටෙලිකොම්.

මේ කේබල් බොහොමයක් ගල්කිස්සෙන් රටට ඇතුළු වේ. බේ ඔෆ් බෙංගාල් ගේට්වේ (BBG) කේබල් මඟින් බර්කා (ඕමානය) සහ ශාඛා 4 ක් මගින් පෙනැන්ග් (මැලේසියාව), ෆුජිරා (එක්සත් අරාබි එමීර් රාජ්‍යය), බොම්බාය, චෙන්නායි (ඉන්දියාව), කොළඹ (ශ්‍රී ලංකාව) එකිනෙකා සමඟ සම්බන්ධ කරයි. මෙය එංගලන්තයේ වොඩාෆෝන් (ප්‍රධාන පාරිභෝගිකයා, යුනිලීවර්), ඕමන්ටෙල්, එටිසලාට්, ඉන්දියාවේ රිලයන්ස් ජියෝ ඉන්ෆොකොම්, ඩයලොග්, මැලේසියාවේ ටෙලිකොම් ඇතුළු සමූහයක් මගින් පාලනය වේ.

ශ්‍රී ලංකාව සම්බන්ධකරන SEA-ME-WE 2 සම්බන්ධතාවය 1994 දී පිහිටුවන ලදී; සිංගප්පූරුවේ සිංග්ටෙල් සමාගම මගින් පරිපාලනය කරන සහ ප්‍රංශ ටෙලිකොම් සමාගම සහ චීන ටෙලිකොම් සමාගම මගින් මෙහෙයවනු ලබන SEA-ME-WE 3 සම්බන්ධකය 1999 දී පිහිටුවන ලදී.  

භාරතී එයාර්ටෙල් සතුව ඇති SEA-ME-WE 4 කේබලය මගින් චෙන්නායි සහ සිංගප්පූරුව සම්බන්ධ වේ. සිංග්ටෙල් සමාගම සතුව ඕස්ට්‍රේලියාවේ 2 වන විශාලතම ටෙලිකොම් සමාගම වන ඔප්ටස් සහ ඉන්දියාවේ භාරතී එයාර්ටෙල් සමාගමේ ද කොටස් 32.15% ක් තිබේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හම්බන්තොට පිහිටි සිංගප්පූරු ඉන්දියන් ඕෂන් කේබල්ෂිප් සමාගම සමඟ එක්ව දකුණු ආසියාවේ පළමු සබ්මැරීන් කේබල් ඩිපෝව සහ SEA-ME-WE 5 කේබල් රට තුළට ඇතුලුවීමේ ස්ථානය පිහිටුවන ලදී.  එසේම එය සිංගප්පූරුව පදනම් කරගත් කේබල් නැව් සමාගමක් සමඟ සකස්කොට ඇති හවුල් ව්‍යාපාරයකි – අග්නිදිග ආසියාවේ සහ ඉන්දියන් සාගර කේබල් නඩත්තු ගිවිසුම (SEAIOCMA) සඳහා ද එම සමාගම නාවික සේවා සපයන්නෙකි. දකුණු ආසියාවේ එකම සබ්මැරීන් කේබල් ඩිපෝව සහ ලංකාව පසු කරමින් යන බහු කේබල් පද්ධති නඩත්තු කිරීමේ ජාත්‍යන්තර එකමුතුව SEAIOCMA නම් වේ.

සිංගප්පූරුවේ සිට ප්‍රංශය සහ ඉතාලිය හරහා යුරෝපය දක්වා දිවෙන අවසන් පරිශීලකයින් සම්බන්ධ කිරීම සඳහා ආරක්ෂිත ගොඩබිම් මාර්ගයන් ද සහිත කිලෝමීටර් 20,000 ක දුර පැතිරෙන SEA-ME-WE 5 සබ්මැරීන කේබල් පද්දතිය සඳහා රටවල් 17 ක් නියෝජනය කරන ජාත්‍යන්තර ටෙලිකොම් සමාගම් 15 ක් හවුල් වී තිබේ.

මාධ්‍යට වැදගත්වන්නේ ධනවතුන්ගේ වෘත්තීය සමිති පමණි. ප්‍රථමයෙන්ම ලියාපදිංචි වූ වෘත්තීය සමිතිය වන ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය සහ වාණිජ මණ්ඩල සැබෑ වෘත්තීය සමිතිවලට විරුද්ධවන අතර, ‘කම්කරු නම්‍යශීලීභාවය’ වැනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සුභාෂිතය හරහා නිරන්තරවම වෘත්තීය සමිතිවලට විරුද්ධ වේ. ඒ අතර සේවක අයිතිවාසිකම් හෑල්ලුවට ලක් කිරීමට ද නිරන්තරයෙන්ම උත්සාහ කරමින් සිටී. යුනිලීවර් සමාගම පෙරමුණගත් බහුජාතික සමාගම්, ‘මානව හිමිකම් හා කම්කරු නීතිය අනුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සියල්ල නිවැරදි කළ යුතු බව’ ඉල්ලා සිටී. කොළඹ දී ඝාතනය වූ එම දැරිය වතුකරයේ දැරියකි. එහෙත් වතුකරයේ පවතින වැවිලි ක්‍රමයේ ප්‍රධාන ප්‍රතිලාභියාවන යුනිලීවර් සමාගම ඒ පිළිබඳව තවමත් පාපොච්චාරණය කර නැත:

ළමා ශ්‍රමය යනු ගමේ ආර්ථිකය හැකිලීයාමේ සහ වැඩිහිටි කම්කරුවන් බස්නාහිර පළාතට, කොළඹට සහ විදේශයන්ට විකිණීමේ ද අතුරු ඵලයකි. කොළඹ නගරයේ දී තදින් සූරාකෑමට සහ පීඩනයට ලක්වන ගෘහ සේවිකාවන් කොළඹට පැමිණෙන්නේ විශේෂයෙන්ම වැවිලිකරයෙනි. එංගලන්තය සහ ඔවුන්ගේ දේශීය වෙළඳ නියෝජිතයින් (චෙට්ටියාර්වරු, බෝරාවරු, ආදිය) විසින් ශ්‍රී ලංකාවට පනවා තිබූ ඇමරිකානු (එක්සත් ජනපද, කැරිබියන්) වහල් ක්‍රමයෙන් අතිමහත් ලාභයක් ලැබූ අතර, ඔවුන් අද දක්වාම ඒ ලාභය ලබයි.

එංගලන්තය සියලුම කම්කරුවන්ට වන්දි ගෙවිය යුතු අතර, ශ්‍රී ලංකාවේ තේ වතුවල කම්කරුවන්ට රැකවරණය ලබා දිය යුතුය. උගණ්ඩාවේ සහ කෙන්යාවේ ඉන්දියානු වෙළෙන්දන්ට සැළකූ පරිදි, සමහරුන් ඉංග්‍රීසි රජයේ ඉහළ තනතුරුවලට (භාණ්ඩාගාර, ස්වදේශ කටයුතු ලේකම්) ගොස් තිබේ.  

පුද්ගලික වහල් ක්‍රමයේ මූලික ප්‍රතිලාභියෙකු වූ ඇන්ගලිකන් පල්ලිය, ‘මානව හිමිකම්’ පිළිබඳව ආඩම්බරකාරී අදහස් ප්‍රකාශ කිරීම වෙනුවට, ඇන්ගලිකන් පල්ලිය ශ්‍රී ලංකාවේ විශාලතම ඉඩම් හිමියන් වූ ආකාරයත්, 19 වන සියවසේ විශාලතම ඉඩම් හිමියා වූ බෞද්ධ විහාරස්ථානවලට පහර එල්ලකර ඔවුන්ගේ හිමිකාරීත්වය අහිමිකළ බවත් පිළිගත යුතුය. සියල්ලටම පසු පාපොච්චාරණය, ආත්මයට යහපත් ය. 

සොරකම්කළ ඉඩම්, සොරකම්කළ ශ්‍රමය: ඇමරිකානු හමුදාව පදිචි වී සිටින කොරියාවේ පිහිටි ප්ලාස්ටික් කම්හලක පැය 18 ක් වැඩ කිරීමට බලකිරීම හේතුවෙන් තෙල් සම්පීඩකයක සිරවී කම්කරුවෙකු මියගොස් තිබේ. එම අවස්ථාවේ දී කළමණාකරුවකු සිට නැත. විෂ සහිත (ප්ලාස්ටික් වයිනයිල් ක්ලෝරයිඩ් වඩාත්ම භයානක) සහ අනතුරුදායක වෘත්තීන්හි වැඩ කිරීමට සංක්‍රමණිකයින් බඳවා ගැනීම සිදුවේ. කම්කරු නීති උල්ලංඝනය වී ඇත්දැයි තමන් නොදන්නා බව ඩේලි මිරර් පවසයි!

ජපන් සිර මැදිරියක දී මියගිය ශ්‍රී ලාංකික සේවිකාවක් පිළිබඳ ලිපියක් ඩේලි මිරර් වෙබ් අඩවියේ පළවී තිබේ. ප්‍රවෘත්තියේ අරමුණ වන්නේ ඇතැම් ජපන් ජාතිකයින් කම්කරුවන් ගැන සැලකිලිමත්වන බව අපට පැවසීමයි. කෙසේ වෙතත්, සංක්‍රමණික සේවකයින් සීමා කිරීමේ නීතියක් සම්මත නොවන්නේ මානුෂීය සැලකිල්ල නිසා නොව, ඔවුන්ට සූරාකෑමට ලක්කල හැකි සේවකයින් අවශ්‍යවීම නිසාය

සුද්දන්ගේ රටවල් තමන් සංක්‍රමණයට විරුද්ධ බව ප්‍රකාශ කරයි. කෙසේ වෙතත්, වැඩිපුර කම්කරුවන් ආනයනය කිරීමටත්, අඩු වැටුපක් ලබා දීමටත්, තමන්ගේම කම්කරුවන්ට පීඩනය යෙදීමටත් මෙන්ම තවමත් ස්වයංක්‍රීයකරණය නොකළ රැකියාවල ඔවුන්ව යෙදවීමටත් එම රටවල කාර්මික හා සේවා අංශ බලාපොරොත්තු වේ.

ඇමරිකාවේ සහ කැනඩාවේ කෝවිඩ් වසංගතය හේතුවෙන් මරණයට පත්වන ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්ගේ මරණ සංඛ්‍යාව ඉතාම ඉහළය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු ආසියාවෙන් හෝ අප්‍රිකාවෙන් පැමිණි අය වේ. ඇමරිකාවේ දී මිය යන පිලිපීන හෙදියන්ගේ අනුපාතය පිලිපීනයටත් වඩා ඉහළය. වැඩිපුර වැඩ කළත් හෙදියන් වෛද්‍යවරුන්ට වඩා 8 ගුණයක් අඩු වැටුපක් ලබයි. සෞඛ්‍ය සේවකයින්ට එසේ නරක ලෙස සැලකීමට (අඩුවෙන් ගෙවීම) හේතුව වන්නේ සුදු වර්ගවාදී ආධිපත්‍යය හා නිසා ඔවුන් සංක්‍රමණික සේවකයින් මත යැපීම ?   

ජපානයේ නිකී නිවුස් ශීර්ෂ පාඨයක් අනුව ශ්‍රී ලංකාවේ ආනයන තහනම හේතුවෙන් ව්‍යාපාර 100 ක් අනතුරේ වැටෙයි: ‘ශ්‍රී ලංකාව සාමාන්‍යයෙන් වසරකට වාහන 50,000 සිට 60,000 දක්වා ආනයනය කරයි.’ නමුත් මේ බොහෝ (‘පාවිච්චිකළ’) මෝටර් රථ ආනයනය කරන්නේ ජපානයෙන්ම බව එම ලිපිය වසන් කරයි! ලිපිය තවදුරටත් මෙසේ පවසයි: ‘ආනයන තහනම පිළිබඳව ශ්‍රී ලංකාවේ වෙළෙඳ හවුල්කරුවන් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට සිදුකරන අපනයන වටිනාකම 2019 දී යුරෝ බිලියන 1.24 සිට 2020 දී යුරෝ මිලියන 904 දක්වා පහත වැටී තිබේ. ඒ වසර 10 ක පහළම අගය දක්වා 27% ක පහත වැටීමකි. ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන්ම යන්ත්‍රෝපකරණ, ඖෂධ, යකඩ හා වානේ නිෂ්පාදන සහ වාහන යුරෝපයෙන් ආනයනය කරයි.’ ජපානයේ අපනයනවල ඊනියා‘ පහළ වැටීම ’ පිළිබඳව නිකී කිසිවක්ම නොකියයි.

එබැවින් GSP+ ඉවත්කර ගන්නා බවට යුරෝපා සංගමය සහ ඇමරිකාව සිදුකරන තර්ජන පිටුපස ඇති හේතුව  පිළිබඳව අපට යම් හෝඩුවාවක් තිබේ. මේ අතර, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යටත්කරවීමට ඇමරිකානු තානාපතිවරියට අවශ්‍ය වී තිබේ. ඔවුන්ට අප විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ආයෝජනය කරවීම ද අවශ්‍ය වී තිබේ.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට සුදු ජාතිකයින්ගේ තානාපති කාර්යාල සහ මාධ්‍ය සිරස්තල ඉතාමත්ම උද්යෝගිමත් ය. මෙම ක්ෂුද්‍ර, මධ්‍යම හා කුඩා ව්‍යවසායන් (බොහෝ විට ‘ක්ෂුද්‍ර’ කාණ්ඩයේ) යනු විදේශීය භාණ්ඩ, විශේෂයෙන් කාර් හා යතුරුපැදි සහ ප්‍රාග්ධන හා අතරමැදි භාණ්ඩ විශාල වශයෙන් ආනයනය කරන්නන් ය. අනෙක් හේතුව නම්: එවැනි ප්‍රාග්ධන හා අතරමැදි භාණ්ඩ සඳහා ආයෝජනය කිරීමට බැංකුවලට රජයෙන් බලකිරීම වළක්වා ගැනීමට ඔවුන් කැමතිවීමයි. මූලික ප්‍රාග්ධන (බැර) කර්මාන්ත වැළැක්වීමට ඔවුන් ඉතාම කැමති ය.   

සංචාරක ව්‍යාපාරය ද දැඩි විදෙස් ආනයන (විදේශිකයන්, ආනයනික යන්ත්‍රෝපකරණ) සහ අඩු කුසලතාවයන් මත රඳා පවතී. රටම එක් විශාල හෝටලයක් බවට පත් කළේ නම් අපට පාසල් අවශ්‍ය නැත! ඇත්ත වශයෙන්ම වැවිලි සඳහා ද එය එසේම ය. තේ දළු නෙලීමට ආචාර්ය උපාධියක් අවශ්‍ය නැත! සංචාරකයින්ට “ඔව් සර්, නෑ මැඩම්,” කීමට ද අධ්‍යාපනයක් අවශ්‍ය නැත‍.

ඇමරිකාවේ ධනපතියන් බේරා ගැනීමට එරට රජයෙන් මුදල් මුද්‍රණය කරන නිසා ඩොලරයට දැඩි ලෙස හිර වී සිටින අප උද්ධමනය එතැනින් ආනයනය කරන්නෙමු. මෙය ලොව පුරා මෙන්ම මෙරට තුළ ද ආහාර මිල හා ඉන්ධන මිල විශාල ලෙස ඉහළ යාමට හේතු වී තිබේ. ධනේශ්වර මාධ්‍ය අපේ රජයේ ප්‍රතිපත්තිවලට පමණක් දොස් පැවරීමට වඩාත් කැමති ය.

සුද්දන්ගේ බැංකුවලට ‘ණය’ ගෙවීමට තිබීම පිළිබඳව පසුගිය මාසයේ මාධ්‍ය කෙඳිරිගාමින් විලාප තැබූ අතර, දැන් ඔවුන් ඇමරිකාවෙන් පාලනයවන ශ්‍රී ලංකා නීතීඥ සංගමය සහ වෙනත් විදේශීය අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන සංවිධානය කරන විරෝධතාවයන් සමඟ ‘මානව හිමිකම්’ පිළිබඳව කෙඳිරිගෑමට සැරසෙමින් සිටී. ධනේශ්වර මාධ්‍යයේ කාර්ය වන්නේ නූතන (යන්ත්‍ර) කර්මාන්ත සඳහා ආයෝජනය කිරීමේ ඕනෑම උත්සාහයක් නිරතුරුවම හෑල්ලුවට ලක් කිරීමවන අතර, එමඟින් අපේ නාස්තිකාර පොහොසතුන්ගේ (ඇත්ත වශයෙන්ම මේ ණයට ගත් මුදල් හිඟන්නන්ය) නිෂ්ඵල ණය ගෙවීමට අපට ඉඩ සැළසීමයි!

චීනයේ දැවැන්තම අධ්‍යාපන වෙළෙන්දාට ඩොලර් බිලියන 15 ක් අහිමි වේ යැයි බ්ලූම්බර්ග් හඬා වැටෙමින් පවසයි. මේ සතියේ විශාලතම ජාත්‍යන්තර ආර්ථික ප්‍රවෘත්ති තුළ මේ සියලු සාකච්ඡා ආරම්භ විය; ඒ අනුව විදේශීය ධනපතියන් පුද්ගලික තොරතුරු සොරකම් කිරීම පාලනය කිරීමට මෙන්ම මූලික විෂය මාලාව සඳහා පෞද්ගලික උපකාරක පන්ති මගින් ලාභ ඉපයීම තහනම් කිරීමට ද චීන රජය විසින් පියවර ගෙන තිබේ. ද්විත්ව සංසරණ පද්ධතියක් ලෙස හැඳින්වෙන ක්‍රමයක් හරහා චීනය සිය ස්වදේශීය වෙළෙඳපොළ පෝෂණය කිරීමට ද පියවර ගෙන තිබේ. (ee විශේෂාංග, වගීෂා ගුණසේකර)

නූතන කාර්මීකරණයට පදනම සැපයිය යුතු අපේ දේශීය වෙළෙඳපොළ යුනිලීවර් සහ තවත් බහුජාතික සමාගම් විසින් පැහැරගෙන තිබේ.

මේ සතියේ සිදු වූ බ්ලැක් ඇජෙන්ඩා රිපෝට් නිර්මාතෘ ග්ලෙන් ෆෝඩ්ගේ මරණය ee සිහිපත් කරයි. ඇමරිකාව ‘මානව හිමිකම්’ පිටුපස සඟවන භීෂණය පිළිබඳව අපට සිහිපත්කර දෙන බ්ලැක් ඇජෙන්ඩා රිපෝට් වැනි විකල්ප ප්‍රවෘත්ති වෙබ් අඩවි මත බොහෝ දුරට ee විශ්වාසය තබයි. විශේෂයෙන්ම මේ ‘ලිබරල්’ විකාර සියල්ල ඉදිරිපිට ග්ලෙන් ෆෝර්ඩ් වැන්නවුන් 10,000 දෙනා බිහිවේවා යනු අපගේ ප්‍රාර්ථනයයි!

ඒ අතරතුර, කියුබාවේ ඉංග්‍රීසි ප්‍රවෘත්ති වෙබ් අඩවිවලට ප්‍රවේශවීම ඇමරිකාව මගින් වළක්වා තිබේ: අප ප්‍රධාන ස්පාඥ්ඤ භාෂා වෙබ් අඩවියෙන් ඉංග්‍රීසි වෙබ් අඩවිය වෙත යාමට උත්සාහ කරන සෑම අවස්ථාවකම, ගූගල් ආකාරයේ මෙම පණිවිඩය දිස්වේ:  හ්ම්. එම වෙබ් අඩවිය සෙවීමේ ගැටලු තිබේ. අපට en.granma.cu හි සේවාදායකයා වෙත සම්බන්ධ විය නොහැකිය.’

ට්‍රම්ප් සහ බයිඩන් අතර වෙනසක් නැත. ඒ මහජන සම්බන්ධතා ස්වරූපය වෙනස් කිරීමක් පමණි. ඇමරිකාව ඇෆ්ගනිස්තානයෙන් පිටව යන බවට අපේ සුදු ජාතික මාධ්‍ය සිරස්තල තබන අතර, බයිඩන් ඇෆ්ගනිස්ථානයට බෝම්බ හෙලමින් ‘ඇල්ගොරිදම් යුද්ධ’ වෙත යොමුව ඇති අතර, ‘කාන්තාවන්, ගැහැණු ළමයින් සහ සුළු ජාතීන් ඇතුලු ඇෆ්ගන් ජනතාව’ පිළිබඳව තම කනස්සල්ල පළ කරයි. මෙම මිලේච්ඡ ‘ලිබරල්’ අවස්ථාවාදයට එරෙහිව හඬක් නැඟෙන්නේ නැත.

ලෝක බැංකුව, දේශීයව එන්නත් නිපදවීමට විරුද්ධවන අතර, ඒ වෙනුවට ‘කාන්තාවන් සවිබල ගැන්වීම’ සඳහා අවශ්‍ය හිමිකම් පිළිබඳව අපට පවසයි. ඇමරිකානු තානාපති කාර්යාලය ද තමන් කාන්තාවන්ට උපකාර කිරීම වෙනුවෙන් සිටින බව අපට පවසයි. මේ අතර හේමාස් ආයතනයේ ‘ලංකාවේ පළමු කාන්තා ප්‍රධාන විධායක නිලධාරිනිය’ ඇන්ජෙලා විල්සන් (හෙවත් කස්තුරි චෙල්ලරාජ), ‘අසනීප වූවන් අධික මිල ගණන්වලින් සූරාකෑමට දේශපාලනඥයන් පොළඹවා ගැනීම පහසු නැත!’ යි පවසයි. විල්සන් ඖෂධ ආනයන කර්මාන්තයේ වාණිජ මණ්ඩලයේ (SLCPI) සභාපතිනිය යි! මෙරට ඖෂධ නිෂ්පාදනය නොකිරීම පිළිබඳව ද ඇය නිදහසට කරුණු ඉදිරිපත් කරයි: ‘ඖෂධ ආනයනය සීමා කළ යුතු බවට මාධ්‍ය වාර්තා රාශියක් පළ වූ නමුත් ඒ සඳහා අවශ්‍ය විද්‍යාව නොමැති විට එය වේගයෙන් කළ නොහැකියි.’ ඇය මෙසේ පවසන්නේ ජර්මානු-රාජ්‍ය අනුග්‍රහය සහිත සම්මන්ත්‍රණයක දී, එක්සත් ජනපද අරමුදල් ලබන ඉකොනොමි නෙක්ස්ට් ප්‍රවෘත්ති සේවය සමඟය! එසේ නම්, නිෂ්පාදනයට අවශ්‍ය විද්‍යාව හා තාක්‍ෂණය පිළිබඳ අධ්‍යාපනය වළක්වා ඇත්තේ කවුද?

පාරිභෝගික මූල්‍ය සේවාවන්, අන්තර්ජාල ටැක්සි සේවාවන් සහ පෞද්ගලික අධ්‍යාපන සමාගම් පාලනය කරමින් සිය පුරවැසියන්ගේ දත්ත ආරක්‍ෂා කිරීම වෙනුවෙන් චීනය මේ සතියේ දී දැඩි වේගවත් පියවර ගනු ලැබීය. විශේෂයෙන්ම ඇමරිකාවේ කොටස් වෙළඳපොලට පිවිසීමෙන් විදේශීය සමාගම් වලට පෞද්ගලික තොරතුරු අලෙවි කරන්නන් විශාල ලෙස එහි දී ඉලක්ක විය. එසේම ක්‍රිප්ටෝ කරන්සීස් හෙවත් අන්තර්ජාලගත මුදල්වලට එරෙහිවද  ක්‍රියාත්මක වීම ආරම්භ විය.   

ඇතැම් ව්‍යාපාරික ආකෘතීන් සහ මහජන ඉදිරිපත් කිරීම් හරහා මුදල් ඉපයීම සීමා කිරීම පිළිබඳව සුද්දන් කෑගසමින් සිටී.  නමුත් විදේශ ආයෝජකයින්ට විශාල ලාභයක් සහතික කරනවාට වඩා චීනයට වෙනත් ප්‍රමුඛතාවයන් තිබේ.

තාක්‍ෂණික සමාගම්වල ඒකාධිකාරයන් වැළැක්වීමටත්, ව්‍යාපාර ආරම්භකයින් නැංවීමටත්, සමාජ සමානාත්මතාවය ආරක්‍ෂා කරමින් නගරවල ජීවන වියදම අඩු කරන අතරම එමඟින් පවුල්වලට වර්ධනය විය හැකි තත්වයක් ඇති  කිරීමටත් චීනය උත්සාහකරමින් සිටී. දිගු කාලීන ආයෝජන වලක්වමින් තමන්ට කැමති ආකාරයට ඇතුළු වී පිටව යන විදේශීය මුදල් හරහා තම ආර්ථිකය අත්අඩංගුවට ලක්වනු දැකීමට ඔවුන් කැමති නැත.

බදු ගෙවීම් වළක්වන කේමන් දූපත්වලට ඩීඩි සමාගම ඇතුලු වී තිබූ අතර එහි නිව්යෝර්ක් ලැයිස්තු ගත කිරීමට බීජිං අනුමැතිය ද අවශ්‍ය නොවීය. ඒ හරහා අන්තර්ජාලයේ ආරක්‍ෂාව අනතුරේ හෙළීමක් ද සිදු වී තිබුණි. අලිබාබා සමාගම චීන රජයේ රෙගුලාසි නිසා ලබා ගත නොහැකිව තිබූ විදේශීය ප්‍රාග්ධනයට ප්‍රවේශවීම සඳහා කේමන් දූපත්වල විචල්‍ය පොලී ආයතනයක් ද භාවිතාකර තිබුණි.

ශ්‍රී ලංකාවේ දී මෙන්ම මෙම සමාගම් බොහෝ දුරට ඒකාධිකාරයන් වේ. ඔවුන් තම වෙළඳපොල තරඟකරුවන් මිලදී ගන්නා අතර මයික්‍රොසොෆ්ට් සමාගම මෙන්ම නව නිපැයුම් වළක්වයි. අලිබාබා සමාගමේ ඈන්ට් සමාගම පාරිභෝගික ණය ප්‍රවර්ධනය කරවමින් මිනිසුන් ණය උගුලකට හසුකරවා නියාමනය නොකළ බැංකුවක් වීමට උත්සාහකර තිබුණි. භාණ්ඩ බෙදා හැරීමේ සේවා සහ අන්තර්ජාල යෙදුම් හරහා ක්‍රියාත්මකවන ටැක්සි සේවා මගින් ඒවායේ සේවයේ නියුතු සේවකයින් අපයෝජනයට ලක් කෙරේ. උපකාරක පන්ති පවත්වන සමාගම් ද ඒ සඳහා ඉතා ඉහළ මිලක් අය කරන අතර, එමඟින් ශිෂ්‍යයින්ට සම අවස්ථා නොලැබීයාම සිදුවේ.

අධිරාජ්‍යවාදී ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ ඩොලර් ආයෝජනය කරන ව්‍යාපාර, විදේශ නියාමකයින් යටතට සහ විදේශීය නීති යටතට අයත් වේ. ඔවුන් එකතු කරන දත්ත අපේ රටවලට එරෙහිව භාවිතා කරන අතර, එම සමාගම් ශ්‍රී ලංකාවේ සහ චීනයේ ලබන ලාභය මුළුමනින්ම පිටතට ගෙනයයි. ඇමරිකාව සහ චීනය අතර ගැටුම් වැඩි වන අවස්ථාවක චීන සමාගම් චීනයේ රැඳී සිටීම වඩාත් සුදුසු ය. නියාමනයට අකමැති අපේ කලු සුද්දන්ගේ මාධ්‍ය, මුදල්  සමපේක්ෂකයින්ගේ ‘විශ්වාසය’ බිඳවැටීම පිළිබඳව හඬා වැටෙනු ඇත. කෑදර ව්‍යාපාර මර්දනය කිරීම හරහා අපගේ පාරිභෝගික විශ්වාසය ප්‍රවර්ධනය වනු ඇත.

මේ අතර ඇමරිකානු මූල්‍ය නියාමකයින් ද චීනය මෙන් ක්‍රියාත්මකවනු දැකීමට තමන් කැමති බව ඇමරිකාවේ බර්ක්ෂයර් හත්වේ සමාගමේ උප සභාපති චාලි මුංගර් පවසයි: අලිබාබා සමාගමේ ජැක් මා ගැන සඳහන් කරමින් කොමියුනිස්ට්වාදීන් නිවැරදි දේ කර ඇතැයි ඔහු පවසා තිබේ. මුංගර්ට අනුව ඇමරිකාවට මුළු ‘චීන ක්‍රමයම’ අවශ්‍ය නැහැ, නමුත් ‘එහි මූල්‍ය හැසිරවීම මගේ රටට ලබා ගැනීමට මම ඇත්තෙන්ම කැමතියි’ මුංගර් CNBC නාලිකාවට පැවසීය. ‘අපේම අපූරු නිදහස් ව්‍යවසාය ආර්ථිකය නිසා සියලුම පිස්සන්ට ආර්ථිකයේ අතිරික්තය ගෙනියන්න ඉඩ දෙනවා’, නමුත් චීන ජාතිකයින් එම ‘සමපේක්ෂනය නැවැත්වීමට පූර්ව පියවර ගෙන තිබෙනවා’. මුංගර් තවදුරටත් CNBC වෙත පවසා තිබේ. (හාස්‍යයට කරුණ නම් බර්ක්ෂයර්-හත්වේ ආයතනය සතුව මූඩි නම් ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් ඇති අතර, එය ශ්‍රී ලංකාවට එරෙහිව නොහොඹිනා ක්‍රියාවක යෙදී තිබේ!)

මූල්‍ය සමපේක්ෂණයේ සූදු කෙලීම වෙනුවට චීනය සැබෑ භාණ්ඩ නිෂ්පාදනය කරයි. ඇමරිකානු ආර්ථිකයේ ආධිපත්‍යය දරන මූල්‍ය, රක්‍ෂණ සහ දේපල වෙළඳාම් (FIRE) යන අංශවල ආධිපත්‍යයට චීනය විරුද්ධ ය. චීනය කොටස් හිමියන්ට වඩා සමාජවාදයට ප්‍රමුඛත්වය ලබාදෙන අතර, එහි දී අවසානයේ පාරිභෝගික විශ්වාසය ඉහළ යයි: 

නිවාස, වෛද්‍ය පහසුකම් සහ අධ්‍යාපන සඳහා පිරිවැය චීනයේ පවුල්වල හුස්ම හිරකරවන සහ ඔවුන්ගේ පරිභෝජනය සීමාකරවන ‘විශාල කඳු 3’ බව ඔලිම්පස් හෙජ් ෆන්ඩ් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ අරමුදල් කළමනාකරුවකු පවසයි. ‘වසර ගණනාවකට පසු මා දුටු බලවත්ම ප්‍රතිසංස්කරණය මෙයයි, එමගින් ධනවත් හා ප්‍රභූ කණ්ඩායම්වල වියදමින් මහජනයාට ප්‍රතිලාභ ලැබෙනවා. ’

විශාල තාක්‍ෂණ සමාගම් පාලනය කිරීමෙන් කුඩා සමාගම් වර්ධනය වේ. සේවකයින්ට වඩා හොඳ වැටුපක් ද ලැබෙනු ඇත. ශ්‍රී ලංකාවේ මෙන් මිල අධික සේවාවන් මගින් පාරිභෝගිකයින් කොල්ල නොකනු ඇත. සමාජවාදී රටවලින් අපට ඉගෙන ගත හැකි වැදගත් පාඩම් තිබේ. (ee කර්මාන්ත, චීනයේ මැඩලීම)

B.  විශේෂ විශේෂාංගය  

____________________________________________

B1. විදෙස් බැංකු පාලනයෙන් තොරයබලපත්‍රලාභී වාණිජ බැංකු කෙරෙහි මහ බැංකුවේ සීමා පැනවීම් 

– තෙන්නකෝන් රුසිරිපාල, 2021 ජූලි 27

පවතින තත්වය නිසා ඇති විය හැකි හෝ සිදු විය හැකි ප්‍රාග්ධන හිඟය පිළිබඳව ආර්ථිකයේ නියාමකයා වශයෙන් ශ්‍රී ලංකා මහබැංකුව සැලකිලිමත් විය යුතුය.

2021 ජූලි 1 දින සිට 2021 දෙසැම්බර් 31 දක්වා බලපැවැත්වෙන පරිදි, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක බලපත්‍රලාභී වාණිජ බැංකු හා විශේෂිත බැංකු ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා ඇති මඟ පෙන්වීම් අනුව කටයුතු කළයුතුය. 

මෙම සීමා කිරීම් යනු ප්‍රධාන වශයෙන්ම මේවන විට රට තුළ පවතින අනෙකුත් සියලුම මූල්‍ය ගැටලු අභිබවා පැනනැගී ඇති විදේශ විනිමය සංචිත පිළිබඳ ගැටලුව විසඳීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙන ඇති කෙටි කාලීන පියවරයන් බව පෙනේ. එම සීමාකිරීම් ලංකාවෙන් පිටත ස්ථාපිත බැංකු ද ඇතුළුව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා අදාළ වේ. එමඟින් සියලුම විදේශීය වාණිජ බැංකු ද කොන්දේසිවලට යටත් කොට තිබේ.

කෝවිඩ්-19 හදිසි ව්‍යාප්තියේ බලපෑම හේතුවෙන්, පසුගිය වසරවල ප්‍රධාන දර්ශකයන් හා සසඳන විට බැංකු ක්‍රියාකාරිත්වයට අදාළව ඇති වූ අහිතකර බලපෑම් තවදුරටත් ඇතිවීම වළක්වාගැනීම මෙම සීමා කිරීම් මගින් බලාපොරොත්තු වේ. 2021 මූල්‍ය ප්‍රකාශනය තවමත් බාහිර විගණන අවශ්‍යතා සපුරාලීම අපේක්ෂාවෙන් සිටින නමුත්, පනවා ඇති සීමාවන් අනුව මෙරට ක්‍රියාත්මකවන විදේශීය වාණිජ බැංකුවලට ඔවුන් දැනටමත් උපයා ඇති ප්‍රකාශිත ලාභයෙන් කිසිවක් ආපසු ගෙනයාමට අවසර නැත. වසංගතයෙන් පීඩාවටපත් ව්‍යාපාරික පරිසරය නිසා ඇති වූ කම්පන හේතුවෙන් වත්කම් වර්ධනයේ සහ ව්‍යාපාර පුළුල් කිරීමේ කලාපයන්හි ඇති වූ බාධාවන් බලපත්‍රලාභී වාණිජ බැංකු අත්විඳිනු ඇතැයි තමන්ගේම ඇස්තමේන්තුවලට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කර තිබේ.

ගෝලීයව පවතින වසංගත තත්වය නිසා ඇතිවන පුරෝකථනයකල නොහැකි සහ අවිනිශ්චිත සන්දර්භය තුළ මෙම සලකා බැලීම් අදාළ නොවන්නේ හෝ යුක්ති සහගත නොවන්නේ නැත. ඇත්ත වශයෙන්ම, අපට දකින්නට ඇති අමිහිරි දේශපාලන ගතානුගතිකවාදයට වෙනස් වූ මෙම සීමා පැනවීම වඩාත් සත්‍යවාදී ප්‍රවේශයක් මෙන්ම සංවේදී ප්‍රතිචාරයක් බව ද පෙනේ. ප්‍රායෝගිකව දැනෙන පරිදි පනවා ඇති මෙම සීමා කිරීම් හරහා වඩාත් විශාල අර්බුදයක් ඇතිවීම වැළැක්වීමට තර්කානුකූලව ක්‍රියාමාර්ග ගෙන තිබේ. ඒවා කර්මාන්තය පුරාම පොදුවේ බලපැවැත්වෙන නියාමනයන් නිසා කිසිදු තනි බැංකුවකට විශේෂ අවාසියක් සිදු නොවනු ඇත.

පවතින තත්වය නිසා සිදුවිය හැකි ප්‍රාග්ධන හිඟය පිළිබඳව ආර්ථිකයේ නියාමකයා වශයෙන් මහ බැංකුවට සැළකිලිමත්වීමට සිදුවේ. සහතිකකළ ද්‍රවශීලතාවයක් සහිත හා ප්‍රාග්ධන වත්කම් සහිත විශ්වසනීය, ශක්තිමත් බැංකු කර්මාන්තයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි උනන්දුවක් දැක්වීම රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම දේශීය බැංකුවලට උපකාරී වනු ඇත. නාස්තිය නැවැත්වීමේ සහ කාර්යක්‍ෂමතාවය ඉහළ නැංවීමේ අරමුණින් පිළිපැදිය යුතු යැයි ජනාධිපතිවරයා විසින් මීට පෙර රාජ්‍ය ව්‍යවසායන් වෙත නිකුත් කළ විධානයට මෙම බලාපොරොත්තුවන කොන්දේසි අනුකූල වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පනවා ඇති සීමා කිරීම් දෙස බලන විට, එහි දී තම අධීක්ෂණ කාර්යභාරය සහ ආයතනික පාලනය ප්‍රවර්ධනය කිරීමේ නියාමන රාමුව සහ බැංකු කර්මාන්තයේ ප්‍රාග්ධන අවශ්‍යතා විෂය පථය යටතේ ඇතිවියහැකි ගැටලුකාරී කලාප ඔවුන් වඩාත් නිශ්චිතව හඳුනාගෙන ඇති බව පෙනේ.

මහජනයාට කොටස් නිකුත්කොට ඇති පෞද්ගලික අංශයේ බැංකු තමන්ගේම කොටස් ආපසු මිල දී ගැනීමෙන් වැළකී සිටිය යුතුය. මෑතක දී අපගේ කොටස් වෙළඳපොල ක්‍රියාකාරිත්වයන්හි ඇතැම් ‘අප්‍රසන්න චලනයන්’ සිදුවන ආකාරය අපි දැක ඇත්තෙමු. ශ්‍රී ලංකා මහබැංකුව මේ සඳහා මැදිහත් වී ඇති අතර, එමගින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල එවැනි ක්‍රියාවන් සීමාකරන බව පෙනේ.

කළමනාකරණ දීමනා සහ අධ්‍යක්ෂ මණ්ඩල ගෙවීම් ඉහළ දැමීම සීමා කිරීම දක්වා සීමාවන් පැනවේ. ශ්‍රී ලංකා මහ බැංකුව මෙම කලාපය සීමා කර ඇත්තේ ඇතැම්විට ඔවුන්ගේ අතීත අත්දැකීම නිසා විය හැකි අතර, එසේම දුෂ්කර වාතාවරණයක දී වුව ද එවැනි පුරුදුවලට යොමු වීමේ ප්‍රවනතාවයක් ඇතැයි උපකල්පනය කිරීම නිසා ද විය හැකිය. නමුත් සාමාන්‍ය ක්‍රියාකාරකම්වල අයිතිවාසිකම් යටතේ හැකි සෑම ආකාරයකම වියදම් ඉහළ දැමීම් ආවරණය කිරීමට හැකිවන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම සීමාව ගෙන ආවේ නම් වඩාත් කාර්යක්‍ෂම වන්නට ඉඩ තිබුණි.

සමහර විට විශේෂයෙන් රාජ්‍ය අංශයේ බැංකුවල ඉහළම විධායකයින්ට ලබා දී තිබෙන අමතර විශේෂ දීමනා සහ වරප්‍රසාද පිළිබඳව මහ බැංකුව නොදන්නවා විය හැකිය. මෑත කාලීන පාර්ලිමේන්තු කෝප් කමිටු විමසීම්වල දී මේවායින් සමහරක් අවධාරණය වූ අතර ඒවා පිළිබඳව එතරම් සැලකිල්ලක් නොදක්වන නීති සම්පාදකයින් පවා එයින් පුදුමයට පත්විය. 

අත්‍යවශ්‍ය නොවන වියදම්වලින් හැකිතාක් දුරට ඈත්වන ලෙසත්, කල්පනාකාරීව කටයුතු කරන ලෙසත් බැංකුවලට උපදෙස් දී තිබේ. වෙළඳ දැන්වීම්, ව්‍යාපාර ප්‍රවර්ධනයන්, තෑගි යෝජනා ක්‍රම, විනෝදාස්වාදයන්, අනුග්‍රාහකත්වයන් සහ සංචාර ආදී ඇතැම් ක්ෂේත්‍රයන් සඳහා ද මේ මඟින් සීමා පැනවේ. මෙම වියදම්වලින් වැඩි ප්‍රමාණයක් මතුපිටින් වාසිදායක යැයි එකඟකරවාගැනීමට උත්සාහකරන අවශ්‍යතාවයන්ට වඩා වෙනස් අරමුණක් ඉටු කරන බව ඒවා සමීපව පරීක්ෂා කිරීමේ දී පෙනීයයි.  

නාස්තිකාර වියදම් නැවැත්විය යුතු බවට ජනාධිපතිවරයා විසින් කළින්ම රාජ්‍ය ව්‍යවසායන් වෙත ලබා දී තිබූ නියෝගය මගින් ද මෙම කලාප ආවරණය කිරීම සැලකිය යුතු කරුණකි. නමුත් අප නිරීක්ෂණය කළ පරිදි අධීක්ෂණ හා නියාමන අධිකාරියක මැදිහත් වීමකින් සහ පරීක්ෂාකිරීමකින් තොරව නියෝග මඟින් අපේක්ෂිත බලපෑමක් සිදු නොවේ. දැන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්දර්භය තුළ ඔවුන් පනවා ඇති මෙම සීමා කිරීම් පිළිපැදීම ඵලදායී ලෙස නිරීක්ෂණය කිරීම හරහා අපට යම් ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය හැකිය.

මෑත කාලීන කෝප් කමිටු විමසීම්වල දී හෙළිදරව් වූ පරිදි, රාජ්‍ය අංශය තුළ, ප්‍රසම්පාදනය ඇතුළුව පාර්ශවීය අනුකූලතාවයන් සඳහා වංචනික මාර්ග රාශියක් තිබේ. ප්‍රසම්පාදන ක්‍රියාවලිය මඟ හැරීම සඳහා ඉදිකිරීම් සහ සැපයුම් සම්බන්ධ ඉහළ වටිනාකම් සහිත කොන්ත්‍රාත් සඳහා රාජ්‍ය බැංකු සතු අනුබද්ධ සමාගම් නියෝජිත ආයතන ලෙස භාවිතා කළ අවස්ථා තිබුණි. එම නිසා, තමන් ප්‍රකාශයට පත් කළ දේ ක්‍රියාත්මක කිරීමට මහ බැංකුවට එවැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුවනු ඇත.

ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් සහිතව බැංකුවල ආරක්ෂිත ද්‍රවශීලතා තත්වයක් සහතික කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව උනන්දුවක් දක්වන්නේ නම්, ඔවුන්ගේ ගිණුම්කරණ පුරුදු පිළිබඳව දැඩි අවධානයකින් සිටිය යුතුය. විවිධ උපක්‍රම යටතේ මතභේදයට තුඩු දෙන උපක්‍රම අනුගමනය කරමින් විගණනය පවා නොමඟ යැවීමට බැංකු යොමු විය හැකිය. ණය අහිමිවීම් සඳහා ප්‍රතිපාදන ලබා දීමේ දී සහ විගණනයට පවා හඳුනා ගැනීමට නොහැකි වූ වෙනත් කලාපවල දී මෙය සාමාන්‍යයෙන් දැකිය හැකිය. ණය අහිමි වීමේ ප්‍රතිපාදන මෙන්ම විශ්වාසය සහතිකකිරීමේ වගකීම් තුළට වැටෙන අනෙකුත් සාමාන්‍ය විධිවිධාන සැලැස්වීමේ දී ද බැංකු සමහර භාරකාර වගකීම් නොසලකා හැර තිබේ.

උදාහරණයක් උපුටා දැක්වීම සඳහා, 90 දශකයේ අග භාගයේ දී ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක විසින් සිදුකර තිබූ ප්‍රමාණවත් නොවන ප්‍රතිපාදන සැපයීම් පිළිබඳව ජාත්‍යන්තර විගණන සමාගම් මගින් මුළින්ම සොයාගැනීමෙන් පසුව එම බැංකු දෙක බංකොලොත් බවට පත් වී ඇතැයි හැඳින්වීමේ දැඩි මතභේදයට තුඩු දුන් සිදුවීම අපට පෙන්වා දිය හැකිය. සේවකයින්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ගෙවීම් සම්බන්ධයෙන් බැංකු ගතයුතුව තිබූ විධිවිධාන තුළ ඒවායේ ප්‍රධානතම ලිහිල්භාවය රැඳී තිබුණි. එවකට ඉස්මතු කළ හෙළිදරව් කිරීම් තුළ පැවති තත්වයට වඩා අද තත්වය ඉතාම නරක බව දැන ගැනීමට නියාමකයාට උනන්දුවක් ඇතිවිය යුතුය.

නියාමක අධීක්ෂණ අවශ්‍යතාවලට අනුකූලව යහපත් ද්‍රවශීලතාවයක් පවත්වා ගැනීම සඳහා ණය අහිමිවීම් ප්‍රතිපාදන සම්බන්ධයෙන් ඇතැම් බැංකුවල පවතින වාතාවරණය ද සුදුසු නොවේ. අක්‍රිය ණය ලෙස සැළකීමට දිගු කාලයක් තිස්සේ සුදුසුකම් ලැබු ණය ද වර්තමාන කාණ්ඩය තුළ දී අඛණ්ඩව ක්‍රියාකාරීව පවත්වාගෙන තිබේ.

මෙම ආයතනවලට එරෙහිව එල්ල කෙරෙන මහජන විවේචන ද අපට අසන්නට ලැබේ. වංචනිකව ණය මෙහෙයුම් සිදු කිරීම සහ විශාල ණය මුදල් බොල් ණය ලෙස සැලකීම ආදී වශයෙන් ගෙන ඒවායින් සමහරක් සූක්ෂමව කපා හැරීමට සලස්වා තිබේ. මේ ආකාරයට සැලකිය යුතු ණය ලබාදීම් ගණනාවක් වන්නේ විදේශ ව්‍යාපෘති සඳහා විදේශ විනිමය මඟින් ලබා දුන් ණය පහසුකම් වේ. හාස්‍යයට කරුණ නම් මෙම ණය පහසුකම් ලබා දීමේ දුර්වල අවදානම් තක්සේරු ප්‍රමිතීන් පිළිබඳව වගකිවයුතු කිසිවෙකුත් නොමැති වීමයි.

අනෙකුත් සියලුම බැංකු ආයතන මෙන්ම විදේශීය බැංකු ද මහ බැංකුවේ අධීක්ෂණය යටතේ තබා ගත යුතුය. මෙම අංශය තුළ විශාල බදු පැහැර හැරීම් ද ඇතුළුව නියාමන උල්ලංඝනය කිරීම් සිදු වූ බොහෝ අවස්ථා තිබේ. සමහර විදේශීය බැංකු හඳුන්වා දී ඇති ඇතැම් ගැටලුකාරී සංස්කෘතීන් ගැන ද අප දැනුවත්ය. උදාහරණයක් වශයෙන්, අපේ රටට විශාල විදේශ විනිමයක් අහිමි කළ කුප්‍රකට හෙජින් ගනුදෙනුව. ප්‍රාග්ධනය ආපසු ගැනීමේ ස්වරූපයෙන් ලාභයක් හෝ විදේශ විනිමය ආපසු ගෙවීමක් සූදානම් කිරීම අපේ නියාමන බලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්විය යුතුය. එබැවින් මේ ආකාරයෙන් සීමා පැනවීම් කාලෝචිත වන අතර, එය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලබන ඉතාම අත්‍යවශ්‍ය පූර්වාරක්ෂාවකි.

– ft.lk/opinion/CBSL-restrictions-imposed-on-LCBs/14-720874

____________________________________________

B2. චීනය තම දේශීය වෙළඳ පොල වෙත අවධානය යොමුකරන්නේ ඇයි?
වගීෂා ගුණසේකර, චයිනා ඩේලි ග්ලෝබල්, 27 ජූලි 2021

ප්‍රධාන වශයෙන් දේශීය වෙළෙඳපොළ මූලික කරගනිමින්, දේශීය හා විදේශීය වෙළඳපොල අන්‍යොන්‍යව ශක්තිමත් කරන නව ද්විසංසරණ සංවර්ධන ආකෘතිය ආර්ථික හා සමාජයීය සංවර්ධනය සඳහා වූ චීනයේ 14 වන පස් අවුරුදු සැලැස්ම (2021-2025) තුළ සහ වසර 2035 දක්වා වූ දිගුකාලීන අරමුණු තුළ තීරණාත්මකම සාධකය වශයෙන් සඳහන් කොට තිබේ. ද්වි-සංසරණ සංවර්ධන ආකෘති සංකල්පය 2020 මැයි මාසයේ පැවති චීන කොමියුනිස්ට් පක්ෂ දේශපාලන බියුරෝවේ රුස්වීමක දී පළමුවෙන්ම හඳුන්වාදෙනු ලැබීය. මෙම නවෝත්පාදී ආකෘතිය පශ්චාත් වසංගත කාලය තුළ චීනය මෙහෙයවීමේ රාමුවක් ලෙසත්, ලෝකය සමඟ චීනය වඩාත් හොඳින් සම්බන්ධ කිරීමට උපකාරවන මගපෙන්වීමක් ලෙසත් භාවිතා කිරීමට අපේක්ෂිත ය.

2008 වසරේ ගෝලීය මූල්‍ය අර්බුධ අවස්ථාවේ සිට, දේශීය වෙළඳපොල දෙසට ක්‍රමානුකූලව මාරුවීම සංඥා කරවමින් චීනය දේශීය වෙළඳපොල ඉල්ලුම පුළුල් කිරීම සහ සැපයුම් සම්බන්ධව ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ පුළුල් කිරීම සඳහා උපාය මාර්ග හඳුන්වා දී තිබේ.  නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනය සමාජවාදී ගොඩනැඟීමේ කේන්ද්‍රීය අරමුණ බව චීන කොමියුනිස්ට් පක්ෂ නායකත්වය විසින් නිරතුරුවම සළකා තිබේ. දේශීය වෙළඳපොල සංසරණය වන “දේශීය ලූපය” නව ආකෘතියේ ප්‍රධානතම අංගයයි. අත්‍යවශ්‍යයෙන්ම, මේ සඳහා දේශීය පරිභෝජනය පුළුල් කිරීම සහ සැපයුම් දාම සුමට කිරීම සඳහා සෑම තරාතිරමකම ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග අවශ්‍ය වේ. චීනය දැනට ලොව ඇති විශාලතම වෙළඳපොල වන අතර, මිලියන 400 ක ජනතාවක් එහි මධ්‍යම මට්ටමේ ආදායම් ලබන කණ්ඩායම් බවට පත් වී සිටී. චීනයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 10,000 ඉක්මවා තිබේ. මේ සියල්ලෙන් ඇඟවෙන්නේ දේශීය වෙළඳපොල වෙත මාරුවීම ස්වාභාවික තෝරාගැනීමක් බවයි.

ආර්ථික සැලැස්ම මඟින් මධ්‍ය ආදායම් ලබන කණ්ඩායම්වල පරිභෝජනය වැඩි කිරීමට සහ නිෂ්පාදන සාධක තාර්කිකව ගලා ඒමට ඇති බාධක ඉවත් කිරීමට පියවර ගත යුතු බව පැවසේ. මේ දෙකම එකට එකතු වීමෙන් ඉල්ලුම සහ සැපයුම ඉහළ නංවන ඉහළ මට්ටමේ ගතික සමතුලිතතාවයක් ඇති වනු ඇත. නිෂ්පාදනයේ නවෝත්පාදනයන් වැඩිදියුණු කිරීම මෙහි කේන්ද්‍රීය කරුණකි. පර්යේෂණ හා සංවර්ධනය සඳහා රජයේ ආයෝජන ඉහළ නැංවීමත් සමඟ නව ආකෘතිය තුළ විද්‍යාව හා තාක්‍ෂණය පිළිබඳ ස්වයං විශ්වාසය කෙරෙහි දැඩි අවධානයක් යොමු කෙරේ.

 කෙසේ වෙතත්, දේශීය වෙළඳපොල ලූපය කෙරෙහි පවතින කේන්ද්‍රීය භාවය නිසා අනාගතයේ දී චීන ක්‍රමය යනු “සංවෘත” එකක් වනු ඇතැයි අදහස් නොවේ. මෙම ප්‍රතිපත්ති මඟින් අවධාරණය කෙරෙනුයේ “විවෘත චක්‍රයක්” වන අතර, එමඟින් දේශීය හා විදේශීය ඉල්ලුම, ආනයන හා අපනයන මෙන්ම විදේශීය ආයෝජන හා පිටතට යන ආයෝජන යන දෙකෙහිම සම්බන්ධීකරණ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට චීනය කටයුතු කරනු ඇත. නීති පදනම් කරගත්, විනිවිද පෙනෙන නියාමන ආකෘති සහ ජාත්‍යන්තර සම්මතයන්ට වඩා හොඳින් ගැලපෙන ව්‍යාපාරික පරිසරයක් අවධාරණය කරන අතර, වෙළඳ හා ආයෝජන සඳහා ලිබරල්කරණය සහ පහසුකම් සැලසීම ඉදිරි වසර පහ තුළදී චීනය විසින් ප්‍රවර්ධනය කරනු ඇත.

 දේශීය වෙළෙඳපොළට වඩා හොඳින් සේවය කරන ආකාරයෙන් නිෂ්පාදන වටිනාකමේ ඉහළ ස්ථානයක චීනය ස්ථානගත කිරීම කෙරෙහි එක් ප්‍රධාන අංගයක් මගින් අවධානය යොමු කෙරේ. ආනයන ආදේශනය ඉහළ නැංවීම සඳහා කාර්මික ප්‍රතිපත්තිය කෙරෙහි එහි දී වඩාත් අවධාරණය කරනු ඇත. තාක්‍ෂණික නවෝත්පාදනයන් සඳහා චීනයේ අවධාරණයෙන් මෙය වඩාත් ශක්තිමත් වේ. චීනයේ විදේශ සම්පත් හඳුන්වාදීම සඳහා වූ අවධානය දැන් ජාත්‍යන්තර නවෝත්පාදන සාධක වෙත යොමු වෙමින් පවතින අතර, විශේෂයෙන්ම ඉහළ පෙළේ කුසලතා ඇති අය ආකර්ෂණය කර ගනිමින් චීනයේ ජාත්‍යන්තර සහයෝගීතාවයේ හරය තාක්‍ෂණික සහයෝගීතාව වෙත මාරු වෙමින් තිබේ. වෙනත් වචන වලින් කියන්නේ නම්, තාක්‍ෂණික නවෝත්පාදනය යනු නිෂ්පාදන බලවේග මුදා ගැනීම සඳහා චීනය අපේක්ෂා කරන ක්ෂේත්‍රයයි.

චීනයේ ද්වි-සංසරණ සංවර්ධන ආකෘතිය මගින් වඩාත් නූතන සහ ආතතීන්ට ඔරොත්තු දියහැකි ආර්ථික පද්ධතියක් ගොඩනැගීම අරමුණු කර තිබේ. නව සංවර්ධන ආකෘතිය මඟින් චීනයේ ආර්ථික ව්‍යුහය වැඩි දියුණු කිරීම මෙන්ම නිෂ්පාදනයේ දී සහ කාර්මික හා සැපයුම් දාමයන් හි දී ඉහළ අගය එකතු කිරීමක් ද අවධාරණය කෙරේ.

චීනයේ නව ආර්ථික උපායමාර්ගය කෙරෙහි බටහිරයන් තුළ සැක සංකා ඇති කිරීමට හේතුව මෙය විය හැකිය. කෙසේ වෙතත්, මෙම විවේචනයෙන් වැඩි කොටසක් කුහක හා දෙයාකාර ප්‍රමිතීන් මත පදනම් වූ ඒවා ය. ශතවර්ෂයකට පෙර වර්තමාන ප්‍රධාන දියුණු ආර්ථිකයන් කාර්මීකරණයවන අවස්ථාවේ දී, අධික තීරුබදු සහ ආරක්‍ෂකවාදය සමඟ නිදහස සහ ස්වයංපෝෂිතභාවය සඳහා වූ උත්සාහයන් ඒ සෑම එකකදීම සාමාන්‍ය විය. ඊට වෙනස්ව, චීනයේ සංවර්ධනය සඳහාවන ගවේෂණය ඉලක්ක වී ඇත්තේ බහුපාර්ශ්විකවාදය, ගෝලීය සහයෝගිතාව සහ හවුල් අනාගතයක් මත වන අතර ඒ සඳහා හවුල් තිරසර සංවර්ධනයක් වෙනුවෙන් සාමකාමීව සහයෝගයෙන් කටයුතු කිරීමට උත්සාහ කරන සියලු ජාතීන් ඇතුළත් වේ.

  • ලේඛිකාව දේශපාලන ආර්ථික විද්‍යාඥවරියක් වන අතර කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨයේ බාහිර කථිකාචාර්යවරියකි.

– chinadaily.com.cn/a/202107/27/WS60ff4eb3a310efa1bd664820.html

Published by ee ink.

This site is inspired by the dedicated scholarship and work of S.B.D. de Silva, author of "The Political Economy of Underdevelopment"

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Create your website with WordPress.com
Get started
%d bloggers like this: